February 13, 2026

අද උදෑසන මඩකලපුව, වාලච්චේන නගරයට කඩාවැදුණු වන අලියෙකුගේ ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (13) උදෑසන 6:00 ට පමණ වන අලි දෙදෙනකු වාලච්චේන නගරයට සහ අවට ගම්මානවලට ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මෙම කඩාවැදීම අතරතුර, ඉඳිආප්ප අලෙවි කරමින් සිටි 68 හැවිරිදි කාන්තාවක්, එක් අලියෙකු විසින් පහර දී මරාදමා ඇති බව වාර්තා සඳහන් කරයි.