
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහව කලාපයේ වඳුරුස්ස වනාන්තර ප්‍රදේශයේ පාදයක තුවාලයක් සහිතව සැරිසැරූ අලියකු දැන් සුවය ලබමින් සිටින බව මහව වනජීවී කාර්යාලය පවසයි.
වඳුරුස්ස ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ඉදිමුණු පාදයක් සහිතව සොයාගත් මෙම අලියා පෙර, පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බව ඔවුහු කියති.
පසුගිය (31) වැනිදා අලියා සුවය ලැබීම පෙන්නුම් කර ඇති අතර, නැවත එහාමෙහා වීමට පටන් ගත්බව නිලධාරීන් වාර්තා කර ඇත.
ජුනි (01) වැනිදා උදෑසන වන විට තුවාල ලබා සිටි එම අලියා තවත් වන අලි දෙදෙනකු සමඟ වඳුරුස්සේ සිට මහව හි පොල්පිතිගම ප්‍රදේශයට ගමන් කර ඇත.
කෙසේවෙතත්, ජුනි (02) වැනින දින, අලියා පොල්පිතිගම වැව අසල පොකුණකට වැටී තිබේ.
එම වැටීම හැර, බාහිර තුවාල කිසිවක් හමුනොවු බව එම නිලධාරීහු කියති.
වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වහාම අලියාට ප්‍රතිකාර කර ඇති අතර, තුවාල වූ පාදයට වැඩිදුර ප්‍රතිකාර ලබා දී ඇත.
කැණීම් යන්ත්‍රයක සහාය ඇතිව, එම කණ්ඩායමට අලියාව ජලයෙන් ඔසවා ආරක්ෂිතව ගොඩගැනීමට හැකිව තිබේ.
ඊයේ (03) දින මහව වනජීවී අභයභූමියේ නිලධාරීන් විසින් අලියාට ආහාර සහ ජලය ලබාදෙමින් රැකවරණය සපයා තිබේ.
අලියා දැනට ස්ථාවර තත්වයේ පසුවන බවත් සමීප නිරීක්ෂණය යටතේ සුවය ලබමින් බවත් එම නිළධාරීහු වැඩිදුරටත් පවසති.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart