March 30, 2026

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මෙම වසරේ දෙවන කාර්තුව සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් 13.56% ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් සහ ස්ථාවර ගාස්තුව රුපියක් 15කින් ඉහළ දැමීමට අනුමැතිය හිමිව ඇත.

එසේම 31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබේ.

61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120කි.

91-120 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්ද වේ.

180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර, එම කාණ්ඩයේ 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් සිදුකර තිබේ.

මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.