
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඊයේ (24 වැනිදා) පස්වරුවේ විසන්ධි කර ඇත.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නායක හිමියන් පෙන්වාදෙන ආකාරයට විදුලි බල මණ්ඩලය විසින් මේ වසරේ දෙවන වරටත් මෙලෙස ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කර තිබේ.
ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල ලෙස රුපියල් ලක්ෂ 57කට ආසන්න මුදලක් ගෙවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
විදුලි ගාස්තු වැඩිවීමට පෙර මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක් පැමිණි නමුත්, මෑතකදී විදුලි ගාස්තු වැඩිවීමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක, පහක විදුලි බිලක් පැමිණීම සිය විහාරස්ථානයට දරාගැනීමට නොහැකි බව රාහුලාලංකාර හිමියෝ සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart