
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී වැඩිකරන ලද විදුලි බිල අඩුකිරීම සඳහා විදුලිබල මණ්ඩලය හෙට දිනයේදී යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම යෝජනාව හෙට (22) මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් පවතින බව සභා ගර්භය අමතමින් ඇමැතිවරයා පැවසීය.
ඔක්තෝබර් මාසයේදී යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා උපරිම සහනයක් ලබාදීමට ලංවිම බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරේ යෝජනා කරන ලද පහත සඳහන් සංශෝධන සහනය ලබාදීමට හෝ අවම වශයෙන් ඉවත් කිරීමට ලංවිම කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන සඳහා සියයට 18ක්, කර්මාන්ත සහ හෝටල් සඳහා සියයට 12ක් සහ රජයේ ආයතන සඳහා සියයට 24ක් වශයෙන් ගාස්තු අඩුකෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart