
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල්දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවැසීය.
1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් ඇමැතිවරයා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය,
“මැතිවරණ සංශෝධන පනතක් ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 1994 දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති අපේක්ෂිකාවක්ව පැමිණ මැතිවරණ පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික ඡන්ද ක්‍රමය අවලංගු කිරීමයි. කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරුන් පත්කිරීමද එහිදී යෝජනා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය කළත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සංශෝධන සිදුවුණේ නැහැ.
1994 සිට සෑම නායකයකුම ජනාධිපතිවරණයකදී මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. නමුත් ඒ කිසිම නායකයෙක් එම පොරොන්දු ඉටුකර නැහැ. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දීමට මෙවර සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.
ඉන්දියාව, එංගලන්තය, සහ ඇමෙරිකාව වැනි රටවල මැතිවරණ ක්‍රමවල අඩු ජනකොටස් නියෝජනය වන පරිදි කොට්ඨාස ක්‍රමයත් හඳුන්වා දී තිබෙනවා. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සෙනෙට් ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව මගේද අදහසයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී දක්ෂයින්ට වඩා ජනප්‍රිය පුද්ගලයින් පාර්ලිමේන්තුවට පිවිසීම වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් සෙනෙට් ක්‍රමයේදී ජනප්‍රිය නොවන දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරීම සිදුකළ හැකියි.
මේ වනවිට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන හරහා මැතිවරණ කල් දැමීමේ අදහසක් තිබෙනවා යැයි සමාජයේ යම් කතාබහක් මතුව තිබෙනවා. නමුත් මෙම සංශෝධන කිසිවක් මඟින් මැතිවරණ කල් දැමීමකට කිසිසේත්ම අපේක්ෂා නොකරන බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙනවා. එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart