
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේගේ ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින් අද නුගේගොඩදී ජන රැලියක් පැවැත්විණි.
එම රැලියේදී අදහස් දැක්වූ ජනාධිපතිවරණ අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ සඳහන් කරන ලද්දේ, වර්තමානයේ රටේ ජනතාවට අත්විඳීමට සිදුව ඇති ඉරණම වෙනස් කිරීම සිය ව්‍යාපාරයේ අරමුණ බවයි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“අද අපිට තීරණාත්මකව විසදගන්න තියෙන ප්‍රශ්නෙ තමයි මේ රටේ පොදු මහජනතාවට, වැඩකරන ජනතාවට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද ඒ ඉරණම වෙනස් කරන්නේ කොහොමද කියන එක. JETRO කියන සමීක්ෂණයෙන් අනාවරණය කළා මේ කලාපයේ තියෙන අවම වැටුප් ලබන රට බවට අපේ රට පත්වෙලා තියෙන බව. විශේෂයෙන්ම එහි සඳහන් කරනවා විශාල ආදායමක් සපයන ඇගලුම් සේවකයෙකුගේ වැටුප රුපියල් 16,000කට අඩු වුණේ කොහොමද කියන කාරණය. මසකට තම සමාගමකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් උපයලා දෙනවා එහෙම තත්ත්වයක් තුළ තමයි සේවිකාව රුපියල් 16000 ක පමණ වැටුපක් ලබාගන්නෙ. එතකොට එබඳු සූරාකෑමක් අපිට තේරුම් ගන්න පුළුවන් ඕන කොහොමද? ඊළඟට වී ගොවියකුගේ තත්ත්වය ගත්තොත් පස පෙරළා, කුඹුර හාලා, වපුරලා, තෙල් බෙහෙත් ගහලා කපලා, වේලලා රුපියල් 130 ක විතර වියදමක් වී කිලෝවකට වැයකරනකොට අතරමැදියෙක් ගිහිල්ලා රුපියල් 85 ට මිලදී ගන්න බලකරන ක්‍රමය මොකද්ද? ඊළඟට මෑතකදී වර්ධනය වුණා GIG රැකියා ක්ෂේත්‍රය. ඒ අනුව ඇප් එකක් අතේ තියාගෙන ආහාර ප්‍රවාහනය කරන මගීන් ප්‍රවාහනය කරන රැකියා ක්ෂේත්‍රය ගත්තොත් පැහැදිලිව සමීක්ෂණයකින් හෙළිවුණ කාරණය තමයි බරපතළ සූරාකෑමට ලක්වෙන පරිසරයක් කියලා.ඒ සූරාකෑම අපි තේරුම් ගන්නෙ මොකක් කියලද. ඊළඟට අපේ රට ගත්තට පස්සේ, සීයට හැටහතක් අවිධිමත් ක්ෂේත්‍රයේ වැඩකරන කම්කරුවෝ පිරිසක් මේසන්වරු වෙන්න පුළුවන් කුලී වැඩ කරනවා වෙන්න පුළුවන්. මේ වගේ විශාල පිරිසක් ඒ අය බරපතළ සූරාකෑමකට ලක්වෙන ක්‍රමය මොකද්ද ? ඒ ක්‍රමය ධනවාදය මොන නමින් ආවත් ඒක ධනවාදය.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර මොන සමුළු තිබ්බද? මොනව තිබ්බත් ඡන්දෙන් පස්සේ සමාජයට අත්වන ඉරණම වෙනසක් නැහැ. එහෙම නම් අපි මේ ක්‍රමය වෙනස් කරන්න යෝජනා කරන ව්‍යාපාරයක්. මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවම වැටුප මහ බැංකුව කියන විදියට අවම තරමින් පනස්හත්දහස් පන්සියයක්. අපි වෘත්තීය සමිති විදියට වැඩකරන ජනතාව එකතු වී ඒ හරහා සාමූහික දේවල් කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යාපාරක්. කිරීම අපි යෝජනා කරනවා අසනීප නිවාඩුව ව්‍යවස්ථාපිත නිවාඩු බවට පත්කරන්න, විශේෂයෙන් කාන්තාවන් ඔසප් නිවාඩු හිමිකරන වැඩ බිම්වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකරන ප්‍රවාහනය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකරන වැඩකරන ජනතාවට උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසන තාක්ෂණික පාසල් සන්ධ්‍යා පාසල් වැනි දේවල් නිර්මාණය කරන ව්‍යාපාරයක්.”


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart