
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය සේවයේ වැටුප් වර්ධක සහ දීමනා සම්බන්ධයෙන් රජය විසින් පසුගියදා නිකුත් කරන ලද නිවේදන, දැනට ක්‍රියාත්මක තැපැල් ඡන්ද ක්‍රියාවලියට බලපාන්නේ නැතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක කියාසිටියේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවයි.
වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති යෝජනා 2025 අයවැයට ඇතුළත් වන අතර, ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක වන තීරණ නොවන බව සමන් රත්නායක පෙන්වා දුන්නේය.
වැටුප් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළද ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මෑත කාලීන වර්ධනයන් ඡන්දදායකයන්ට බලපෑම් කළ හැකිද යන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සමන් රත්නායක කියාසිටියේ, රජයේ සේවකයන් මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව හොඳින් දන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart