
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශගුණික විපර්යාස සහ ‘එල්නිනෝ’ කාලගුණ සංසිද්ධියෙහි ප්‍රතිඵල හේතුවෙන් 2023දී හෝ 2024 දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස්වන(ඉහල යන) බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. රොයිටර් පුවත් සේවය අනාවරණය කර ඇති ආකාරයට සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය මදක් අඩු කරන පැසිෆික් සාගරයේ ‘ලානිනා’ කාලගුණ රටාවෙන් වසර තුනකට පසු, ලෝකය මේ වසර අගදී උණුසුම් ‘එල්නිනෝ’ තත්වය වෙත නැවත පැමිණීම සිදුවීමට නියමිතය.
එල්නිනෝ කාලයේදී සමකය දිගේ බටහිරට හමන සුළං වේගය අඩු වන අතර උණුසුම් ජලය නැගෙනහිර දෙසට තල්ලු වී උණුසුම් මතුපිට සාගර උෂ්ණත්වයන් ඇති කරයි. දැන් ලෝකයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ‘පූර්ව කාර්මික යුගයට’ වඩා සෙල්සියස් අංශක 1.2 ඉහළ මට්ටමක පවතින බව පැවසේ. ලොව බලගතු රටවල් සියල්ල තම රටවලින් සිදුකෙරෙන කාබන් විමෝචනය බිංදුවට අඩු කිරීමට ප්‍රතිඥා දුන්නද, පසුගිය වසරේ ගෝලීය කාබන් විමෝචනය අඛණ්ඩව ඉහළ ගියේය.
මෑත අතීතයේ වාර්තා වී ඇති ලෝකයේ උණුසුම්ම වසර 2016 වන අතර, ඒ සඳහා ප්‍රබල එල්නිනෝ සංසිද්ධිය බලපෑ බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වාදෙති. පසුගිය වසර අට ලෝකයේ වාර්තාගත උණුසුම්ම වසර අට වන අතර එම තත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයිද, දේශගුණික විපර්යාස බලපෑම් නරක අතට හැරිය හැකි බවද කාලගුණ විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart