
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළී සිටි සුනඛයකු බේරාගැනීමට ගිය අට හැවිරිදි සිසුවකු විදුලිසැර වැදී මියයෑම සම්බන්ධයෙන් එම විදුලි රැහැන ඇද්ද සැකකරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදුලිසර වැදී මියගොස් ඇත්තේ මිද්දෙණිය, හෙල්ලල, අංක 164/4 යන ස්ථානයේ පදිංචිව සිටි තීක්ෂණ විශ්ව අනුරාධ නමැති සිසුවාය.
මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඔහු තම නිවසේ පිටුපස පිහිටි කුඹුරේ අනවසරෙන් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් විදුලිසර වැදී මියගොස් තිබුණේ පසුගිය 02 වැනිදාය.
සිද්ධිය වූ දින තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා කෑ ගසනු ඇසී එම සුනඛයා සිටි කුඹුර අසලට මියගිය සිසුවා දිව ගොස් ඇත.
එහිදී විදුලිසැර වැදුණු සිසුවා මිද්දෙණිය රෝහලට රැගෙන යෑමෙන් පසු මියගොස් තිබේ.
විදුලිසැර වැදුණු සුනඛයා එම ස්ථානයේම මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart