
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටින් පලාගිය ශ්‍රී ලාංකිකයන් අටදෙනෙකු පසුගිය සෙනසුරාදා අලුයම දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධනුස්කොඩි ආසන්නයේ කොතන්දරාමර් කෝවිල අසල මුහුදු වෙරළට රහසිගතව පැමිණ ඇත.
පවුල් දෙකකට අයත් කාන්තාවන් දෙදෙනකු සහ ළමුන් පස් දෙනකු ඔවුන් අතර වේ.
ඉන්දීය පොලීසිය පවසා ඇත්තේ, සෙනසුරාදා අලුයම කොතන්දරාමර් කෝවිල අසලදී ඔවුන් සොයා ගත් බවයි.
නීති විරෝධී ලෙස ඉන්දියාවට යාත්‍රා කිරීම සඳහා පවුල් දෙක රුපියල් ලක්ෂ එකහමාර බැගින් ගෙවා ඇත.
රාමේෂ්වරම් සමුද්‍ර පොලිසිය ඔවුන්ව මණ්ඩපම් හි පිහිටි ශ්‍රී ලංකා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයට භාරදීමට පෙර පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබේ.
දිවයිනේ ආර්ථික අර්බුදය ආරම්භ වූ දා සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 266 දෙනකු රාමේෂ්වරම් වෙත ළඟා වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ශ්‍රී ලාංකිකයන්ගෙන් එක් අයකු වන යාපනයේ පදිංචි ජී. විජේ කුමාර් පවසා ඇත්තේ නාඳුනන පුද්ගලයන් විසින් දරුවන් පැහැරගෙන යනු ඇතැයි යන බිය නිසා තම පවුලට ශ්‍රී ලංකාවෙන් පළායෑමට සිදු වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart