
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටකොටුවේ පෞද්ගලික ආයතනයක සේවකයෙකු බැංකුවකට මුදල් රැගෙන යමින් සිටියදී ව්‍යාජ මංකොල්ලයක් සිදු කර රුපියල් මිලියන 20 කට අධික මුදලක් සොරකම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති කාන්තාවක් ඇතුළු සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද වැටළීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කැලණිය කොට්ඨාශ අපරාධ වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් පෑලියගොඩ පොලිස් වසමේ නාරංමිනිය ප්‍රදේශයේදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර තිබේ.
පරීක්ෂා කිරීමේදී, පිටුපස අසුන්ගෙන සිටි මගියෙකු සතුව තිබී රුපියල් මිලියන 2ක මුදල් සහිත බෑගයක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මගියා සහ ත්‍රිරෝද රථයේ රියදුරු ත්‍රිරෝද රථය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුව කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ මුදල්, බැංකුවට ප්‍රවාහනය කරන අතරතුර කොල්ලයක් සිදු වූ බව පෙන්වීමට උත්සාහ කරමින් පිටකොටුවේ පෞද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම මුදල් සැකකරුට භාර දී ඇති බවයි.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී මෙම අපරාධයට අදාළව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් (22,245,000) සමග තවත් සැකකරුවන් පස් දෙනෙකු, අපරාධයට යොදාගත් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර අත්අඩංගුවට ගත් කාන්තාව 60 හැවිරිදි අයෙකි.
ඔවුන් කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාශ අපරාධ නිවාරණ කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart