
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු වසිරිස්තානය, දකුණු වසිරිස්තානය සහ පකිස්ථානයේ බජාවුර් යන ප්‍රදේශවලදී ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද ඩෝන් පුවත් සේවය වාර්තා කරයි.
උතුරු වසිරිස්තානයේ Razmak ප්‍රදේශයේ සිදු වූ IED පිපිරීමකින් මියගොස් ඇත්තේ, ආරක්ෂක නිලධාරීන් වන කරක් හි පදිංචි Lance Naik Ehsan Badshah (33) සහ කුරම් හි පදිංචි Lance Naik Sajid Hussain (30) යන අය බව පකිස්ථාන හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දකුණු වසිරිස්තානයේ තවත් පිපිරීමකින් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බජාවුර්හි සිදුවූ තවත් පිපිරීමකින් ඊට සමාන සංඛ්‍යාවකගේ ජීවිත අහිමි විය.
පකිස්තාන හමුදා සහ ටෙහ්රීක් ඊ තලිබාන් පකිස්තාන් (ටීටීපී) නමින් හඳුන්වන පකිස්තාන තලේබාන් සංවිධානය අතර අඛණ්ඩ සටන් පවතී.
පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන TTP තලේබාන් කණ්ඩායම සමඟ පාකිස්තානය අඛණ්ඩ සන්නද්ධ ගැටුමකට සම්බන්ධ වී ඇති අතර, එම කණ්ඩායම ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය සමඟ සමාන මතවාදයක් බෙදා ගන්නා අතර පාකිස්තාන රාජ්‍යයට විරුද්ධ වීම තම අරමුණු ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart