
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු කාර්යාලයකට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නිලධාරීන් හතරදෙනකු ඇතුළු සැකකරුවන් 8 දෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියදුරකු සහ කොළඹ සුරාබදු කාර්යාලයකට අනුයුක්ත සහායකයකුද වන බව පොලිසිය සඳහන් කරයි.
අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පැවැසේ.
මොවුන් දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරතව සිට ඇති බව අනාවරණ වී ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, කේරළ ගංජා සමඟ මෙසේ අත්අඩංගුවට ගත් නිලධාරීන් සිව්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමැතිවරයා නියෝග කර ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ සියලුම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart