
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආනයනික බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එක් දිනක් තුළ වාර්තාගත අලෙවියක් වාර්තා කර ඇති බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
සතොස වෙළඳසැල් සඳහා බෙදාහරින ලද පළමු තොගය දින තුනක්වත් පවතිනු ඇතැයි විශ්වාස කළද, පළමු දිනයේදීම එම තොගය අවසන් වූ බව සභාපතිවරයා පෙන්වාදෙයි.
“බිත්තර 438,000 න් 420,000ක් පළමු දිනයේ විකිණිලා” යැයි සභාපතිවරයා පැවසයි.
බස්නාහිර පළාතට නව තොග ලබාදීමට සහ තොග පවත්වාගෙන යෑමට පියවර ගන්නා අතර, අද ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට ද බිත්තර බෙදාහැරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart