
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ මොහොතේ ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය නවතම සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් අනාවරණය කරයි.
ශ්‍රී ලංකා ඔපීනියන් ට්‍රැකර් සමීක්ෂණයේ (SLOTS) එම වාර්තාව අනූව අනුර කුමාර දිසානයක ජනාධිපතිවරණයකදී 48%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇත. එසේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසඑහිදී 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනු ඇත.
මේ මොහොතේ පැවැත්වෙන ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ ලබාගන්නා ප්‍රතිශතය වශයෙන් දැක්වෙන්නේ 11%කි. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබාගනු ඇති ඡන්ද ප්‍රතිශතය 4%කි. මේ ආකාරයේ මැතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් වුවහොත් ඡනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරීමට සිදුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart