
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වුවහොත්, ඉන්ධන මිල, විදුලිය සහ ජල ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉදිරියේ දී ඉහළ යා හැකි බවට ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මහ බැංකුව වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතියේ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව හේතුවෙන් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇති අතර එය ශ්‍රී ලංකා රුපියල දුර්වල වීමට දායක වී ඇති බවයි.
ගෝලීය භූ දේශපාලනික ආතතීන් පෙර වසරවලට සාපේක්ෂව සංචාරක කර්මාන්තයෙන් විදේශ විනිමය ගලා ඒම අඩු කර ඇති බවත්, අපනයන අංශය මුහුණ දෙන අභියෝග ද රට තුළට ඩොලර් ගලා ඒම අඩුවීමට හේතු වී ඇති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් භාවිත කරමින් ඉන්ධන ආනයනය කරන බැවින්, රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ඉන්ධන මිලට සැළකිව යුතු බලපෑමක් ඇති කළ හැකි බව ප්‍රනාන්දු සඳහන් කළේය.
‘‘ඩොලර්වලින් ඉන්ධන ආනයනය කරන නිසාත්, ඒවා රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසුව මිල තීරණය වන නිසාත්, පෙට්‍රල් සහ ඩීසල් මිලට බලපෑම් කළ හැකියි. එමනිසා රුපියල අවප්‍රමාණය වන විට, ඉන්ධන මිල ඒ අනුව ඉහළ යයි. ඉන්ධන මිල ඉහළ යෑම උද්ධමනයට දායක වනවා. එමඟින් විදුලි බිල්පත්, ජල බිල්පත් සහ භාණ්ඩ මිල ඉහළ යන්න පුළුවන්” යනුවෙන් ඔහු සඳහන් කරයි
මේ අතර, 2023 දෙසැම්බර් 22 වැනි දිනෙන් පසු ඇමරිකානු ඩොලරයක ඉහළම විකුණුම් අනුපාතය ඊයේ වාර්තා විය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඊයේ (15) ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 331.15ක් විය.
ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 329.92 දක්වා ඉහළ ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart