
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය පැවැත්වීමේ ව්‍යවස්ථාමය බලය තවත් සති තුනකින් මැතිවරණ කොමිසමට හිමිවේ.
මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ජූලි 17 වැනිදායින් පසු කොමිසමට ස්වයංක්‍රීයව බලය ලැබේ.
එම ගැසට් නිවේදනයෙන් දින 16කට පසුව සහ දින 21කට පෙර දිනකදී නාමයෝජනා කාල සීමාව ප්‍රකාශයට පත් කරනු ඇත.
ඡන්ද විමසීමේ දිනය නියම වන්නේ ඉන් සති හතරකට පසුව සහ සති හයකට පෙර අතර දිනයකයි.
එනම් ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර දිනයක පැවැත්වෙනු ඇත.
මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ කාර්ය මණ්ඩලය, වාහන කැඳවා ගැනීම සහ ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් සඳහා පියවර ගැනීමට චක්‍රලේඛයක් නිකුත් කළ බවයි.
මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන්ගෙන් අයදුම්පත් කැඳවන ලෙසත් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන ස්ථාන පරීක්ෂා කිරීමටත් දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට එමගින් උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart