
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද, එම නිසා ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු ඊයේ (04) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරට දැනුම් දෙනු ලැබීය.
නීපා වෛරස අවදානම පිළිබඳව අදහස් පළකළ පශු සම්පත් අංශයේ නිලධාරීන්, එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් අවධාරණය කළේය.
නීපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි ( Zoonotic) රෝග තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක, ශරීර තරල සහ මළමුත්‍රා මඟින් මිනිසුන්ට බෝවීමට හැකියාව ඇත.
එසේ වුවද මේ වනවිට මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ විසින් රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා අප රටට නීපා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වේ.
එමෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ඌරු ගොවිපළවල් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇත.
එම නිසා, මෙරට නිෂ්පාදනය කරන ලද ඌරු මස් පරිභෝජනය සඳහා අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද ඌරු මස් පරිභෝජනය කිරීම ගැටළුවක් නොවන බවත් පශු සම්පත් අංශයේ නිලධාරීහු අවධාරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart