
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු වන කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජුනි මස 22 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතා මතුකළාය.
ඉන් අනතුරුව, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතාව අනුමත කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මතු වී ඇති මූලික විරෝධතාවලට අදාළව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහා නඩුකරය ජුනි මස 22 වන දා නැවත කැඳවීමට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart