
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට ලබාදී තිබූ කාලය තව දින දෙකකින් (ජූලි 12දා) අවසන් වේ.
පාස්කු ත්‍රස්ත ප්‍රහාර වැලැක්වීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නොමැති බවත්, වන්දි මුදල් ගෙවීමට සහාය අවශ්‍ය බවත්, හිටපු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම සඳහන් කර ඇත.
ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එම ප්‍රහාරය වැළැක්වීමට පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර තිබේ.
නොසැලකිල්ල සහ ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් තම මූළික අයිතිවාසිකම් කඩ වූ බවට විවිධ පාර්ශ්ව විසින් ගොනු කර තිබූ පෙත්සම් 12ක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට නියම කළ අතර, පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් ද, හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක් ද, සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක්ද ලෙස තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන ලෙස නියම කර තිබේ.
කෙසේ වෙතත්, චූදිතයන් කිසිවෙක් වන්දි මුදල් ගෙවීම සඳහා නිශ්චිතව පිහිටුවා ඇති බැංකු ගිණුමට එම මුදල බැර කර නැති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අනුකූල වීමට ඔවුන් අපොහොසත් වුවහොත් සහ නියමිත දිනට පෙර මුදල් තැන්පත් කළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සළකනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart