
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ප්රහාරකයන්ගේ එක් සැලසුමක් හෝ අසාර්ථක වුවහොත් ඔවුන්ට යෑමට ස්ථානයක් සහ එම ස්ථානයේදී සම්බන්ධ වන පුද්ගලයකු පිළිබඳ ප්‍රහාරකයන්ට මූලික තොරතුරු දී තිබූ බව විමර්ශන අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ.
මේ පිළිබඳ මුලින්ම කරුණු අනාවරණය වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදීය. එම කොමිසමේදී සාක්ෂි දෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් රවී සෙනෙවිරත්නගෙන් ප්‍රශ්න කර තිබුණේ ප්රහාරකයන්ගේ යම් ඉලක්කයක් අසාර්ථක වුව හොත්, ඔවුන් කළ යුත්තේ කුමක්දැයි දැනුම් දී තිබුණු බවක් විමර්ශන මඟින් අනාවරණය වී තිබේද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ එවැනි අසාර්ථක වීමක් සිදුවුව හොත්, නිශ්චිත ආරක්ෂක ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බවට තොරතුරු ඇති බවයි. ඉන් පසු නිශ්චිත පුද්ගලයකු එම ස්ථානයට පැමිණෙන බවට දැනුම්වත් කර තිබුණේ යැයිද කොමිසමේදී පවසා තිබූ හෙතෙම, කොළයක ලියා එම නිශ්චිත පුද්ගලයාගේ නම කොමිසමට දී තිබිණි.
රවී සෙනෙවිරත්න පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට පිටු 163ක සාක්ෂි දී තිබේ. මේ සාක්ෂි විමසීම අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි මෙහෙයවූ රජයේ නීතිඥ සංජීව දිසානායක ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට අයිඑස්අයිඑස් සංවිධානයෙන් සහාය ලැබී ඇත්ද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් රවී සෙනෙවිරත්න පවසා තිබුණේ ප්‍රහාරකයන් ගනුදෙනු කළ බැංකු ගිණුම් 41ක් සම්බන්ධ තොරතුරු ලැබී ඇති බවත්, එම බැංකු ගිණුම් සියල්ල ලංකාවේ ඒවා බවත්, ඒවාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්ම බවත්ය.
මේ අතර රජයේ නීතිඥවරයා කොළයක නමක් ලියා රවී සෙනෙවිරත්නට දී විමසා තිබුණේ මේ නම සහ සහරාන් අතර සම්බන්ධයක් අනාවරණය වී ඇද්ද යනුවෙනි. එහිදී සෙනෙවිරත්න පිළිතුරු දී තිබුණේ මෙවැනි කරුණක් වාර්තා වූ බවත්, එම නම අසල්වාසි රටක සංවිධානයකට සම්බන්ධ බවක් පෙනුණත්, එය තහවුරු වී නැති බවත්ය.
2019 දෙසැම්බර් 31 දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් පසු මේ කරුණු පිළිබඳ විමර්ශන සිදුවුවද, ඒවා අතරමග ඇනහිට ඇත. ඊට හේතු වී ඇත්තේ 2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ එහි හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ප්රමුඛ සියලු විමර්ශකයන් වෙනත් රාජකාරි සඳහා යෙදවීමය.
මේ වන විට යළිත් අදාළ විමර්ශන වේගවත් කර ඇති අතර, එම විමර්ශනවලදී රවී සෙනෙවිරත්න විසින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක්ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනකුට එරෙහිව එක් නඩුවක් පමණක් දැනට විභාග වන අතර, ඊට අමතරව වෙනත් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් නඩු කිහිපයක් පැවරීමට නියමිත බවද වැඩිදුරටත් හෙළි වේ. වාර්තා වන ආකාරයට ඒ අතර එක් නඩුවක් වන්නේ අදාළ තොරතුරු පිළිබඳ විමර්ශන හිතාමතා ප්‍රමාද කිරීමටත්, වෙනතක යැවීමටත් උත්සාහ කිරීමක් පිළිබඳවය.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart