
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ අවම වශයෙන් රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් පිලිපීනයේ මින්දනාඕ හි දකුණු ප්‍රදේශයට බලපෑ අතර, එරටට සහ ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
මෙම අනතුරු ඇඟවීම් හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම් සිදු වෙමින් පවතින නමුත් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ, විශාල සුනාමි රළ ඇතිවීමේ අවදානම පහව ගොස් ඇති බවයි.
කෙසේවෙතත් හචිජෝජිමා දූපතට සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සුළු සුනාමිය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.
සාගරයේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා ඇතැයි වාර්තා වේ.
පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart