
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රික්ටර් මාපකයේ 6.7 ක් වන භූමිකම්පාවක් උතුරු වනවාටු ප්‍රදේශයට බලපා ඇති බවත් එමගින් “කුඩා සුනාමි රළ” හටගත හැකි බවටත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූමිකම්පාව පොළව මතුපිට සිට කිලෝමීටර් 22 ක් (සැතපුම් 14 ක්) ගැඹුරකින් බදාදා සවස 3:37 ට (GMT 0447) පමණ පෝට් විලා අගනුවරට කිලෝමීටර් 300 ක් පමණ උතුරින් හටගෙන තිබේ.
කෙසේවෙතත් කම්පනයෙන් “විපතට පත්වූවන් හා හානි සිදුවීමේ අඩු සම්භාවිතාවක්” පවතින බව විදෙස් වාර්තාවල දැක්වේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ආසන්නයේ වෙරළබඩ වනාටු ප්‍රදේශවල ජීවත් වන ජනතාව “නිරීක්ෂාකාරී විය යුතු අතර සාමාන්‍ය ප්‍රවේශම් විය යුතු” බවයි.
ඒ අනුව වන්වාටු කාලගුණ විද්‍යා සහ භූ උපද්‍රව දෙපාර්තමේන්තුව උතුරු පළාත්වල Penama, Torba, Malampa සහ Sanma හි පදිංචිකරුවන්ට වෙරළේ සිට උස් බිම් කරා ගමන් කිරීම වැනි “පූර්වාරක්ෂාකාරී පියවර” ගන්නා ලෙස අනතුරු ඇඟවීය.
320,000 ක ජනතාවකින් යුත් පහත් බිම් සහිත දූපත් සමූහයක් වන වනවාටු හි භූමිකම්පා බහුලව දක්නට ලැබෙන අතර එය භූ කම්පන ගිනි වළල්ල හරහා ගමන් කරයි.
ගිනි වළල්ල යනු අග්නිදිග ආසියාව හරහා සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන දැඩි භූගෝලීය ක්‍රියාකාරකම්වල චාපයකි.
මේ වසරේ අප්‍රේල් මාසයේදී පැපුවා නිව්ගිනියාවේ කැලෑවෙන් වැසී ගිය ප්‍රදේශයකට රිච්ටර් මාපකයේ 7.0 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමෙන් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart