September 18, 2025

අද ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් වාර්තා වූ රික්ටර් මාපක 3.9 ක භූමිකම්පාවෙන් පසුව ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, සවස 4.06 ට ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර 60 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 3.9 ක භූමිකම්පාවක් වාර්තා විය.

කෙසේවෙතත්, වෙරළ තීරය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පැවසීය.