
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලිසිය පැවසුවේ, මුතියංගණ විහාරස්ථානය අසළ නවතා තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රියැදුරු නොමැති අවස්ථාවේ නඩයේ සිටි එම පුද්ගලයා ඉදිරිපත්වී ඇති බවයි.
ඉන් පසුව එම ස්ථානයට පැමිණි බස්රථයේ රියැදුරා පවසා ඇත්තේ, ඔහුටම බස්රථය පදවාගෙන යන ලෙසයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ධාවනය කළ පුද්ගලයා නිසි රියදුරු බලපත්‍රයක් සහිත අයෙකු බවට හඳුනාගෙන ඇතැයි, පොලිසිය පැවසුවේ ය.
බදුල්ල දුන්හිද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ එම අනතුරින් පාසල් දැරියක ඇතුළු තුන්දෙනකු මියගියේය.
මියගිය දැරිය 14 හැවිරිදි වියේ පසුවිය.
අනතුරින් 45 හැවිරිදි කාන්තාවක සහ 65 හැවිරිදි පුද්ගලයකු ද මියගියේය.
තුවාල ලැබූ සංඛ්‍යාව 31 කි.
අනුරාධපුර , තඹුත්තේගම සිට කුඹල්වෙල වන්දනා ගමනකට පැමිණ සිටි පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසුවේය.
පසුගිය වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සිසුන් පිරිසකට දිවි අහිමි කරමින් බස් රථයක් අනතුරට ලක්වූයේද මෙම ස්ථානයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart