
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළිත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇතැයි වාර්තා වේ.
අද දහවල් 01 ට පමණ ඔහුව රෝහලෙන් වාට්ටුවට ඇතුළත් කර බව ආරංචි මාර්ග පවසයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි අතර අනතුරුව ඉකුත් 10 වනදා රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබිණි.
එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින අවස්ථාවේදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බව පවසමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ජනවාරි 11 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබිණි.
අනතුරුව ඔහුව යළිත් මාරු කර තිබුණේ බන්ධනාගාර රෝහල වෙතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart