
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග පවතින යුද උණුසුම මධ්‍යයේ ගෝලීය ඉන්ධන සැපයුමට බාධා එල්ලවිය හැකි බවට විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම අවදානම හමුවේ නයිජීරියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේ හැකියාව සොයා බැලීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
නයිජීරියාව යනු අප්‍රිකානු මහාද්වීපයේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටකි.
ඉකුත් 13 වැනිදා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හමුවේ දෙරට අතර යළිත් යුද ගැටුම් උත්සන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතී.
එමෙන්ම ප්‍රධාන තෙල් සැපයුම් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ අවදානම හේතුවෙන් බොරතෙල් සැපයුම හා මිල සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායල – ඉරාන ගැටුමට අමෙරිකාවේ මැදිහත්වීම ද ගෝලීය තෙල් මිල සහ සැපයුමට බලපෑම් එල්ල කරන තවත් කරුණකි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පවසා ඇත්තේ, නයිජීරියාවෙන් සහ අනෙකුත් තෙල් නිපදවන රටවලින් සාම්පල ලබාගෙන මෙහි ශක්‍යතාව සඳහා දේශීය රසායනාගාරවල පරීක්‍ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
තෙල් සැපයුමට බාධා එල්ල වන අවස්ථාවලදී මෙන්ම වෙනත් අවදානම් හමුවේ මෙරට තෙල් සැපයුමට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම එහි අරමුණ බව ද සභාපතිවරයා පවසයි.
මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විසින් දරන අතර ඉතිරි කොටස සිනොපෙක්, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ RM Parks විසින් සපයනු ලබන බව ද ඔහු පෙන්වාදෙයි.
මැදපෙරදිග පවතින තත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්ඡාවචනය මෙටර තෙල් මිල සඳහා ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇති බව ද ඔහු පවසයි.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ, එහි බලපෑම මෙම වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් වන විට මෙරටට එල්ල වනු ඇති බවයි.
මේ අතර රුසියාව ද ශ්‍රී ලංකාව සමඟ තෙල් ගනුදෙනු සඳහා ඉදිරිපත්ව සිටියි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟ වුවද, ආර්ථික සම්බාධක සහ දේශපාලන ගැටලු හේතුවෙන් රුසියාවෙන් මිලදී ගැනීම් සිදුකිරීමට බාධා පවතින බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart