
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කසළ ටොන් 35,000ක් ඉවත් කිරීමට මිලියන 92ක් වැය කිරීම ඇතුළුව දෙහිවල ගල්කිස්ස මහනගර සභාව තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කරන ලෙස දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දන්වා ඇත.
කරදියාන කසල රඳවනයට අතිවිශාල මුදලකට කසළ බැහැර කළ බව මහ නගර සභාවට අදාළ විගණන වාර්තාවලින් හෙළිවන නමුත්, එක්රැස් වන කසළ ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වුවද කසළ අලෙවි කිරීම පිළිබඳව සොයාබැලීමට හෝ කොම්පෝස්ට් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවට ඔහු චෝදනා කරයි.
එම විගණනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, කිසිඳු ගිවිසුමක් අත්සන් නොකර වායු සමීකරණ පද්ධතියක් සවිකිරීමට රුපියල් මිලියන 13ක් වෙන්කර ඇති බව සහ මිල ගණන් කැඳවීමකින් තොරව ජෙනරේටරයක් ලබාගැනීමක් සඳහා තවත් රුපියල් මිලියන 5ක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සමස්තයක් ලෙස දුර්වල මට්ටමක පවතින බව සහ වරිපනම් බදු, වෙළඳ බලපත්‍ර ගාස්තු, වාහන නැවැත්වීමේ ගාස්තු සහ ප්‍රධාන හෝටල්වලින් දැන්වීම් පුවරු සහ මාර්ග සංඥා සඳහා ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයේ අසාර්ථකත්වයන් ද පවතින බවයි.
නිසි අනුමැතියකින් තොරව ප්‍රදේශයේ මස් අලෙවිසැල්වලින් ණය කපාහැරි ආකාරය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා තිබෙන බවත්, එම මහ නගර සභාව සතු වාහන රාජ්‍ය ලාංඡනය නොමැතිව ධාවනය කර ඇති අතර, සභාවේ බොහෝ වාහන සඳහා නිතිපතා ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොමැති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
මෙම ගැටළු වලට හිටපු නගරාධිපතිවරුන් සහ නාගරික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වගකිව යුතු බව පවසමින් වෛද්‍ය සංජීව අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් සිදුකළ ගනුදෙනු පිළිබඳව පූර්ණ විගණනයක් කර වත්කම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart