
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තිකයන් අද (24) ක්‍රියාත්මක කර ඇති පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතු අඩාළ වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
විකිරණවේදීන්, තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, භෞතචිකිත්සකයින් සහ වෘත්තීය චිකිත්සකයින් වැනි කාණ්ඩවලට අයත් සෞඛ්‍ය අංශ සාමාජිකයින් 7,000 කට අධික සංඛ්‍යාවකින් සමන්විත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ කණ්ඩායම විසින් මෙම වර්ජනය මෙහෙයවනු ලබයි.
බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් සඳහා චක්‍රලේඛ නිකුත් කිරීම, නිසි විනය යාන්ත්‍රණයක් නොමැතිකම, අතිකාල දීමනා නොගෙවීම, පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් රජයට ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
“සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන්ත්‍රණකාරීන්ට නතුවීම මෙම වර්ජනයට ප්‍රධාන හේතුව. අපේ ඉල්ලීම් 07ක් තිබෙනවා. දිවයින පුරා මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වෙන්නේ නැහැ.” යැයි වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළකරන පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart