
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින බදු ප්‍රතිපත්ති සහ ආර්ථික පීඩනය හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල සීඝ්රයෙන් ඉහළ යාම නිසා දිවයින පුරා වෙසෙන ග්‍රාමීය කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, රුපියල අවප්‍රමාණය වීම, පනවා ඇති විවිධ බදු සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම යන කරුණුවල ඒකාබද්ධ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල සමස්ත ආසියාවේම පවතින ඉහළම මිල ගණන් අතරට පත්ව ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය උච්චාවචනය වීම සහ මෙම නිෂ්පාදන සඳහා පනවා ඇති විවිධ ආනයනික බදු හේතුවෙන් සිල්ලර මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ග්‍රාමීය මෙන්ම පාසල් සිසුවියන් සහ තරුණියන් මත පැටවී ඇත්තේ දරාගත නොහැකි බරකි.
උද්ධමනය ඉහළ යෑම, විදුලි හා ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම, ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු සහ නිෂ්පාදන වියදම් ඉහළ යාම වැනි අතිරේක ආර්ථික සාධක ද මෙම මිල වැඩිවීමට සෘජුවම දායක වී ඇති බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඔහු පෙන්වාදෙන පරිදි, මෙම තත්ත්වය රට තුළ “ආර්තව සනීපාරක්ෂක අස්ථාවරත්වයක්” නිර්මාණය කිරීමට හේතු වී ඇත. මේ හේතුවෙන් ග්‍රාමීය කාන්තාවන්ට සහ පාසල් සිසුවියන්ට තමන්ගේ ඔසප් කාලසීමාවන් තුළදී රැකියා ස්ථානවලට හෝ පාසල් වෙත යෑමට නොහැකි වී ඇති අතර, එය පුළුල් සමාජීය සහ ආර්ථික බලපෑම් රැසක් ජනිත කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ආර්තව සනීපාරක්ෂක මෙවලම් පරිහරණයට ඇති ප්‍රවේශය සහ ඒ ආශ්‍රිතව පවතින සමාජීය මෙන්ම ආර්ථිකමය බලපෑම පිළිබඳව පුළුල් ජාතික මට්ටමේ කතිකාවතක් කඩිනමින් ඇති විය යුතු බව ද වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart