
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩීඑස්අයි සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂවරුන් වන තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට අද (09) කොළඹ වානිජ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.
ඒ එම සමාගමේ අධ්යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොනුකරන ලද නඩුවකට අදාළවය.
අදාළ අධ්යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂව ඩීඑස්අයි සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර ඇත.
සමාගම් ලේකම්වරිය වන අරුණි ද සිල්වා විසින් සෙසු අධ්යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව සජිත් විසින් කළමනාකාර අධ්යක්ෂ ධූරය හා අධ්යක්ෂ ධූර දරණ ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා සජිත්ට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් අධිකරණයට දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart