
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග අංක 120 කැස්බෑව-කොළඹ පෞද්ගලික බස් රථ රියැදුරෙක් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථය පැදවීම හේතුවෙන්, පිළියන්දලට යෑමට දිවුල්පිටිය හන්දියෙන් බසයට ගොඩවීමට ගිය මගියෙක්, එක්වර ධාවනය වූ බස් රථයෙන් ඇදවැටී මියයෑම සම්බන්ධයෙන් එහි රියැදුරු බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, දිවුල්පිටිය පදිංචි 75 හැවිරිදි විශ්‍රාමිකයකු බව පොලිසිය කියයි.
ඉකුත් (20) දින උදෑසන පිළියන්දල නගරයට යෑමට බස් නැවතුමේ රැඳීසිට ඇති මියගිය පුද්ගලයා, බස්රථයට ඉදිරිපස දොරටුවෙන් ගොඩවීමට පෙර රියැදුරු බස්රථය ධාවනය කිරීම නිසා මෙසේ ඇද වැටී ඇත.
පසුව තුවාලකරු ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළද තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතත් එහිදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී පොලිසිය විසින් බස්රථ රියැදුරු රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණු අතර, එහිදී රියැදුරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත්, ඒ මොහොත වන විටත් මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවටත් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart