
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හඳුනාගැනීමෙන් වැළකීම සඳහා ජාවාරම්කරුවන් කුඩා පාර්සල් පරිමාණයෙන් අන්තර්ජාතික තැපැල් පැකේජ හරහා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවා තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (16) පැවැති ජාතික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමකදී අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැවසුවේ, 2026 ජූනි මාසය තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී මත්ද්‍රව්‍ය වැටළීම් 4ක් සහ තැපැල් පාර්සල් ආශ්රිත වැටළීම් 9ක් සිදුකර ඇති බවයි. ඒ අනුව සමස්තයක් ලෙස මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83.2ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට හැකිව තිබේ.
“2026 ජූනි මාසයේදී ශ්‍රී ලංකා රේගුව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ මෙහෙයුම් 4ක් සහ කුඩා තැපැල් පාර්සල් සම්බන්ධ වැටළීම් 9ක් සිදුකළා. මෙම මෙහෙයුම් මඟින් අපි මුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 83.2ක් අත්අඩංගුවට ගත්තා” යැයි පුංචිහේවා පැවසීය.
අත්අඩංගුවට ගත් සමස්ත ප්‍රමාණයට ගුවන්තොටුපොළ වැටළීම් ද ඇතුළත් වුවද, ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා තැපැල් පැකේජ භාවිත කිරීම වර්තමානයේ දැඩි අවධානය යොමුවිය යුතු ගැටලුවක් බවට පත්ව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
දිනපතා ශ්‍රී ලංකාවට ලැබෙන විශාල අන්තර්ජාතික තැපැල් ප්‍රමාණය හේතුවෙන් සෑම පාර්සලයක්ම භෞතිකව පරීක්ෂා කිරීම අපහසු බව පැහැදිලි කළ ඒ ඔහු, ඒ වෙනුවට සවිස්තරාත්මක පරීක්ෂණ සිදුකිරීමට පෙර සැකකටයුතු පාර්සල් හඳුනාගැනීම සඳහා රේගුව ස්කෑනර් තාක්ෂණය මත විශ්වාසය තබන බවද පැවසීය.
තැපැල් ජාලය හරහා ශ්‍රී ලංකාවට ‘කුෂ්’ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ උත්සාහයන්හි වැඩිවීමක් ද බලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර, එලෙස අත්අඩංගුවට ගත් පාර්සල් බොහොමයක් තායිලන්තයේ සිට එවා ඇති බවද පුංචිහේවා අනාවරණය කළේය.
තනි තනි පැකේජවල අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්ෂව කුඩා වුවද, ඉන් සිදුවිය හැකි සමාජීය බලපෑම බරපතළ විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
“රට තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමඟ සසඳන විට කිලෝග්‍රෑම් 83.02ක් කුඩා ප්‍රමාණයක් ලෙස පෙනෙන්නට තිබුණත්, ඉන් සිදුවන සමාජීය බලපෑම අතිමහත්. මෙම පාර්සල් සෘජුවම මත්ද්‍රව්‍ය භාවිත කරන්නාගේ ලිපිනයටම එවිය හැකියි. එමෙන්ම ජාවාරම්කරුවන් විකිණීමට පෙර මෙහි ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා මෙම මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කිරීමට පෙළඹෙනවා” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart