
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇයගේ දෙවැනි විවාහක ස්වාමිපුරුෂයා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 300ක් (කෝටි 3ක්) පමණ වටිනා දේපළ කිහිපයක් රඳවා තබාගැනීමට (ක්‍රියාවිරහිත කිරීමට) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය, ඇයගේ සැමියා සමඟ එක්ව මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලයෙන් උපයාගත් වත්කම් සම්බන්ධයෙන් පොලිසිය මෙම පියවර ගෙන ඇත.
සැකකාරියගේ දෙවැනි විවාහක ස්වාමිපුරුෂයාගේ නමට මිලදී ගෙන තිබූ පහත සඳහන් දේපළ මෙලෙස රාජසන්තක කිරීමට සමගාමීව තහනමට ලක් කර තිබේ:
– තොටළඟ ප්‍රදේශයේ පිහිටි පර්චස් 1.30ක ඉඩම
– පර්චස් 0.75ක ඉඩම් කොටස
– අදාළ ඉඩමෙහි ඉදිකර ඇති නවීන තෙමහල් නිවස
අදාළ දේපළ විකිණීම, පැවරීම හෝ පරිහරණය කිරීම වැළැක්වීම සඳහා කොළඹ මහාධිකරණය මගින් නිකුත් කර තිබූ ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර බලාත්මක කර ඇත.
ඒ අනුව, අද (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දින 07ක කාලයක් සඳහා මෙම තහනම් නියෝගය දීර්ඝ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය ජාලය හරහා උපයාගත් වෙනත් වත්කම් හෝ බැංකු ගිණුම් පවතින්නේද යන්න සෙවීම සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart