
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව කියන සැමියකු විසින් සිය බිරිඳට ගිනිතබා ඝාතනය කර සිය සිව්හැවිරිදි දරුවා වහලය මත තබා පළායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම ඝාතන සිද්ධිය වැල්ලම්පිටිය ලයිසන්පොළ ප්‍රදේශයේදී සිදුව ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ඊයේ (06දා) දිනයේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුෂාරි නමැති 29 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාවගේ සැමියා විසින් නිවසේ වහලයට නැඟ එම වහලයේ ෂීට් ඉවත් කර නිවසට ඇතුළු වී පෙට්‍රල් බෝතලයක් බිරිඳගේ හිසට හලා ගිනිතබා ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
පසුව දරුවාට හානියක් වේ යැයි සිතා සැකකරු දරුවා රැගෙනවිත් වහලය මත තබා පැනගොස් ඇතැයි හෙළිවූ බව ද පොලිසිය පවසයි.
දෙදෙනා අතර මතගැටුම් තිබී ඇති අතර සැකකරු විසින් වරින්වර මෙම කාන්තාව මරණ බවට තර්ජනය කර තිබේ.
මේ හේතුවෙන් ඇය සැකකරුට විරුද්ධව පැමිණිලි කීපයක් පොලිසියට ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අයකු බව හෙළිව ඇත.
මේ හේතුවෙන් කාන්තාව සැකකරුගෙන් දික්කසාද වීමට නඩුවක් ද පවරා තිබී ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.
සැකකරු නිතර නිතර මත්ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා කාන්තාවගෙන් මුදල් ඉල්ලා ඇතැයි හෙළිව තිබේ.
සැකකරු ඊයේ දහවල් වන විටත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සැකකරු අදාළ ඝාතනයට පෙර නිවසේ ජලනළ පද්ධතිය ද විසන්ධි කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart