
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක තාවකාලික රිය සහායකයකු ලෙස කටයුතු කළ 51 හැවිරිදි එක්දරු පියෙකු, ඔහුගේ බඩ තුළ තිබූ විෂ මත්ද්‍රව්‍ය(අයිස්) පැකට්ටුවක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොදරවාන, රුක්අත්තනගහ කොරටුවේ පදිංචිව සිටි බස්නායකගේ ගුණරත්න නමැති අයෙකි.
මාකුඹුරේ සිට තංගල්ල බලා පැමිණි බස් රථයේ ගමනාන්තයෙන් පසු, එහි හිමිකරුට යතුර සහ මුදල් බාරදී ඇති මරණකරු, තංගල්ල නගරයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ.
එහිදී ඔහු හදිසියේම දැඩි ලෙස අසනීප වී ඇති අතර, පසුව තංගල්ල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේදී බිම වැටී දඟලා ඇත.
එහි සිටි පිරිස ඔහුව සුවසැරිය ගිලන් රථයකින් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පැය දෙකකට පමණ පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය ඉදිරියේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, මරණකරුගේ ආමාශය තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ග්‍රෑම් 20ක පමණ බරින් යුත් පැකට් දෙකක් තිබී ඇති බවයි.
ඉන් එක් පැකට්ටුවක් ආමාශය තුළදීම පුපුරා යෑම මරණයට හේතුව වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart