
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව විශාලතම පාරිභෝගික භාණ්ඩ සමාගමක් වන නෙස්ලේ, තරබාරුකම සහ නිදන්ගත රෝග වැළැක්වීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශයන්ට පටහැනිව යමින් බොහෝ දුප්පත් රටවල අලෙවි කරන ළදරු කිරි සහ ධාන්‍ය නිෂ්පාදන සඳහා සීනි සහ මී පැණි එක්කරන බව පර්යේෂණයකින් හෙළිවී තිබේ.
නෙස්ලේ යනු ස්විට්සර්ලන්ත බහුජාතික සමාගමකි.
Public Eye නම් ස්විට්සර්ලන්ත විමර්ශන සංවිධානයක පිරිසක් විසින් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ අලෙවි කරන නෙස්ලේහි ළදරු ආහාර නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කිරීම සඳහා බෙල්ජියම් රසායනාගාරයකට යොමුකර ඇත.
වයස අවුරුදු එක සහ ඊට වැඩි ළදරුවන් සඳහා භාවිත කෙරෙන පිටි කිරි වර්ගයක සන්නාමයක් වන Nido සහ මාස හයේ සිට අවුරුදු දෙක දක්වා ළමුන් ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගයක් වන Cerelac සාම්පලවල සුක්‍රෝස් හෝ මී පැණි ආකාරයෙන් සීනි එකතු කර ඇති බව එහිදී අනාවරණ වී තිබේ.
එක්සත් රාජධානිය ඇතුළු නෙස්ලේහි ප්‍රධාන යුරෝපීය වෙලඳපොළවල කුඩා ළමුන් සඳහා නිකුත් කරන එම කිරිපිටි වර්ගයේ එකතු කළ සීනි නොමැත.
වැඩිහිටි ළදරුවන් ඉලක්ක කරගත් සමහර ධාන්‍ය වර්ගවල සීනි එකතු කර ඇති අතර, මාස හයේ සිට අවුරුද්දක් දක්වා ළදරුවන් ඉලක්ක කරගත් නිෂ්පාදනවල එලෙස කිසිවක් අඩංගු කර නොමැත.
Public Eyeහි කෘෂිකාර්මික හා පෝෂණ විශේෂඥ ලෝරන්ට් ගේබරල් පවසන්නේ නෙස්ලේ සමාගම විසින් සිදුකරන මෙම භයානක දෙබිඩි පිළිවෙතට වහාම තිත තැබිය යුතු බවයි.
ලොව සෑම ප්‍රදේශයකම අවුරුදු තුනට අඩු ළමුන් සඳහා සියලුම නිෂ්පාදනවලදී සීනි එකතු කිරීම නැවැත්විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල තරබාරුකම මේ වනවිට වඩ වඩාත් ගැටලුවක් බවට පත්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපීය කලාපය සඳහා වන මාර්ගෝපදේශ පවසන්නේ වයස අවුරුදු තුනට අඩු ළමුන්ගේ කිසිදු ආහාරයකට එකතු කළ සීනි හෝ රසකාරකවලට ඉඩ නොදිය යුතු බවයි.
වෙනත් ප්‍රදේශ සඳහා නිශ්චිත මග පෙන්වීමක් ඉදිරිපත් කර නොමැති වුවද පර්යේෂකයන් පවසන්නේ යුරෝපීය මාර්ගෝපදේශ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සමානව අදාළ වන බවයි.
බර වැඩිවීම සහ දත් දිරායාම ඇතුළු අවදානම් නිසා වයස අවුරුදු හතරට අඩු දරුවන් සීනි එකතු කළ ආහාරවලින් වැළකී සිටිය යුතු බව එක්සත් රාජධානිය ද නිර්දේශ කරයි.
එක්සත් ජනපද රජයේ මාර්ගෝපදේශ යටතේ ද අවුරුදු දෙකට වඩා අඩු අය සඳහා සීනි එකතු කරන ලද ආහාර සහ පානවලින් වැළකී සිටීම නිර්දේශ කරයි.
Public Eye සංවිධානය අන්තර්ජාතික ළදරු ආහාර ක්‍රියාකාරී ජාලය සමඟ සහයෝගීව එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙන්නේ වෙළඳපොළ පර්යේෂණ සමාගමක් වන Euromonitor Internationalහි දත්ත අනුව Cerelac නිෂ්පාදනය ඩොලර් බිලියනයකට වඩා වැඩි ගෝලීය සිල්ලර විකුණුම් සිදුකර ඇති බවයි.
ඉන් ඉහළම විකුණුම් සිදුකර ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන අතර විකුණුම්වලින් 40%ක්ම බ්‍රසීලයේ සහ ඉන්දියාවේ සිදුකර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරියකු වන වෛද්‍ය නයිජල් රෝලින්ස් පවසන්නේ මෙම සොයාගැනීම් සාධාරණීකරණය කළ නොහැකි දෙබිඩි පිළිවෙතක් පෙන්නුම් කරන බවයි.
මාස හය සහ ඊට වැඩි ළදරුවන් සඳහා දෙන බිස්කට් සහ රස කළ ධාන්‍ය වර්ග යටතේ සෙනගල් සහ දකුණු අප්‍රිකාවේ සෑම වේලකම එකතු කළ සීනි ග්‍රෑම් 6 අඩංගු බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ.
ස්විට්සර්ලන්තයේ විකුණන එම වර්ගයේම නිෂ්පාදනවල සීනි කිසිවක් නැත.
ඉන්දියාවේ අලෙවි කරන Cerelac නිෂ්පාදන පිළිබඳ කළ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ සාමාන්‍යයෙන් සෑම වේලකම එකතු කළ සීනි ග්‍රෑම් 2.7කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරන බවයි.
බ්‍රසීලයේ, Cerelac මුසිලෝන් ලෙස හඳුන්වනු ලබන අතර, නිෂ්පාදන අටෙන් දෙකක් සීනි එකතු කර නොමැති බව සොයා ගන්නා ලදී.
කෙසේවෙතත් අනෙක් හයේ එක් වේලක ග්‍රෑම් හතරකට ආසන්න සීනි ප්‍රමාණයක් අඩංගු වී තිබිණි.
නයිජීරියාවේ, පරීක්ෂා කරන ලද එක් නිෂ්පාදනයක ග්රෑම් 6.8ක් දක්වා සීනි තිබී ඇත.
මේ අතර නෙස්ලේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ පෝෂණ ගුණය ගැන විශ්වාස කරන තම සමාගම දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට අනුවර්තනය වූ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය නිෂ්පාදන සඳහා භාවිත කිරීමට ප්‍රමුඛත්වය දෙන බවයි.
ඉහළින් නියාමනය කරන ළදරු ආහාර කාණ්ඩය තුළ, නෙස්ලේ සෑම විටම දේශීය රෙගුලාසි හෝ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල සීනි අඩංගු කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතය ලේබල් කිරීමේදී නිෂ්පාදනවල සම්පූර්ණ සීනි ප්‍රමාණයන් ප්‍රකාශ කරන බවත් ඇය ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් නියාමනය සහ දේශීය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව ඇතුළු සාධක මත වට්ටෝරුවල වෙනස්කම් රඳා පවතින බව ද ඇය ප්‍රකාශකර තිබේ.
සුක්‍රෝස් සහ ග්ලූකෝස් සිරප් ලොව පුරා සිටින කුඩා දරුවන් ඉලක්ක කරගත් වර්ධනය සඳහා ලබාදෙන කිරිවලින් ඉවත් කර ඇති බව ද ඇය පැවසුවාය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart