September 24, 2025

අම්පාර මහඔය අධ්‍යාපන කලාපයේ ඉද්දපොල විද්‍යාලයේ දෙබර පහරදීමකින් තුවාල ලැබූ සිසුන්, විදුහල්පතිනිය සහ තවත් ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු හතළිස් හත්දෙනෙකු ඊයේ (23) දහවල් 12.50 ට පමණ මහඔය මූලික රෝහලට ඇතුලත් කළ බව මහඔය පොලිසිය සදහන් කරයි.

දෙබරු ඇවිස්සීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිසුන්ට දෙබරු පහරදීම සිදුවෙද්දී ⁣ඔවුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට මැදිහත් වූ විදුහල්පතිනිය ගුරුවරු හා දෙමාපියන් මෙලෙස දෙබර ප්‍රහාරයට ලක්ව ඇත.

ඉද්දපොල විද්‍යාලයේ පිරිමි සිසුන් දහඅට දෙනකු, සිසුවියන් දහහතර දෙනකු, විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් හත්දෙනකු හා මාපියන් අටදෙනකු මෙලෙස දෙබරු ඇනීමෙන් තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මොවුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.