
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අවධානය යොමුකර ඇත.
ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබූ බවත්, ඊට සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබූ බවත් ඇමැතිවරයා පෙන්වාදෙයි.
මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක ඇමැතිවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් ඉල්ලා සිටියි.
ඇතැම් දේශපාලකයන් ජන කොටස්වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම්, ඒ ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
පසුගිය ඉරිදා මෙලෙස ප්‍රකෝපකාරී ලෙස වතුකරයේ හැසිරුණු බවට වාර්තා වූයේ වතු යටිතල පහසුකම් ඇමැතිවරයා වන ජීවන් තොණ්ඩමාන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart