
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය නාමයන් රැසක් එකම පවුලක සහෝදරයන්ගේ සහ ඥාතීන්ගේ නම් ලෙස පවතින අපූරු පුවතක් නුවරඑළියෙන් වාර්තා වේ.
මෙම පවුලේ බාලයා වන 19 හැවිරිදි ටෝනි ග්‍රේග් මේ වන විට කොළඹ දෙමළ සංගම් (Tamil Union) ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් වේගපන්දු යවන්නකු ලෙස තම ක්‍රිකට් සිහිනය හඹායයි.
ඔහුගේ සහෝදරයන් වන්නේ ස්ටීව් වෝ, ඩොන් බ්‍රැඩ්මන් සහ ලැරී ගෝම්ස් ය. මව කරුප්පයියා ලතා මංගේෂ්කාර් වන අතර, ඔහුගේ ඥාති සහෝදරයන් වන්නේ බ්‍රයන් ලාරා, බ්‍රෙට් ලී සහ ෆ්ලෙමින් ය. මෙම පුදුම සහගත නාමකරණයේ පිටුපස සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස පෙම් කළ ඔවුන්ගේ පියා වන ජෝසෆ් ලියෝ ඩොමිනික් ය.
2007 වසරේ ඉන්දියාව පළමු 20/20 ලෝක කුසලානය දිනූ අවස්ථාවේ එම්. එස්. දෝනි කෙරෙහි පැහැදුණු පියා, තම බාල පුතුට ‘දෝනි ග්‍රේග්’ ලෙස නම් තැබීමට උත්සාහ කළද, දෙමළ උච්චාරණය සහ අක්ෂර වින්‍යාසය අනුව එය අවසානයේ ‘ටෝනි ග්‍රේග්’ බවට පත්ව ඇත.
කුඩා කල මෙම නම්වල ඇති ඓතිහාසික වටිනාකම පිළිබඳව කිසිදු අවබෝධයක් මොවුන්ට තිබී නැත.
මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගැනීමත් සමඟ, අන් අයගේ ප්‍රශ්න කිරීම් හමුවේ ටෝනි ග්‍රේග් මෙම නාමයන්හි අභිමානය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ සොයා බලා දැනගෙන තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මහා ක්‍රිකට් තාරකාවන්ගේ නම් දැරුවද, පවුලේ අන් කිසිවෙකුත් වෘත්තීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා නොකිරීමයි. බාලයා වන ටෝනි ග්‍රේග් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සුවිශේෂී දක්ෂතා දක්වමින් සිටී.
යම් දිනෙක ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසියහොත්, ඔහුව දිරිමත් කිරීමට ක්‍රීඩාංගණයට පැමිණෙන සහෝදරයන් වන ඩොන් බ්‍රැඩ්මන්, ස්ටීව් වෝ, බ්‍රයන් ලාරා සහ බ්‍රෙට් ලී දෙස ලෝකයේම අවධානය යොමුවනු නොඅනුමානය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart