
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
අන්තර් සමාගම් සේවක සංගමය, එහි සභාපති වසන්ත සමරසිංහ ඇතුළු 6 දෙනකු වෙනුවෙන් නීතීඥ සුනිල් වටගල විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී EPF සහ ETF වෙතින් ලබාගත් ණය කපාහැරීම වළක්වාලමින් රජයට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart