
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට අවශ්‍ය ව සිටි ‘ඩොල්පින් චන්දන’ නමැත්තා මාවතගම දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහි ව අධිකරණ රැසකින් වරෙන්තු 05ක් නිකුත් කර ඇති බව ද සඳහන්ය.
සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය, තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය, කොළඹ වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පුද්ගලයකු බව පොලීසිය පවසයි.
සැකකරු කූට ලේඛන සකසමින් වාහන වංචා සිදු කර ඇති බව ද වාර්තා වේ.
කූට ලේඛන සකසා වාහන වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු පූගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව බන්ධනාගාරගත කර සිට පසු ව අධිකරණය මඟින් ඇප මතමුදා හැර නැවත අධිකරණය වෙත ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයකු බව සඳහන්ය.
සැකකරු පොල්ගස්ඕවිට පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart