
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ඔක්තෝබර් 14 වන දින ගීසා හි මහා පිරමීඩයේ සිදුකළ රූගත කිරීමකදී, ඒ මත සිටින අයාලේ යන සුනඛයෙක් දර්ශනය වී ඇත.
මෙම සිදුවීම අන්තර්ජාල භාවිත කරන්නන් මවිතයට පත්කර තිබේ.
වසර 4,500 ක් පැරණි පිරමිඩය ප්‍රීතියෙන් ගවේෂණය කරන සුනඛයාව වීඩියෝ දර්ශනවල දැකගත හැකිය.
ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වූ මෙම වීඩියෝවේ සුනඛයා කුරුල්ලන්ට බුරන අයුරු සහ පිරමිඩය මුදුණේ සැරිසරන අයුරු දැක්වෙයි.
මෙම වීඩියෝව පටිගත කළ පිරිස, මුලින් මෙම සුනඛයා කඳුකර සිංහයෙකු ලෙස වරදවා වටහාගෙන තිබිණි.
බල්ලා අඩි 450කට ආසන්න පිරමීඩයක් තරණය කළේ කෙසේද යන්න අපැහැදිලි වුවත්, ප්‍රදේශවාසීන් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, අයාලේ යන සුනඛයන් බොහෝ විට ගීසා සානුවේ සැරිසරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart