August 15, 2026

අඟුලානට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනතුරට පත් යානාවේ සිටි පිරිස මුදාගැනීම සඳහා වහාම විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බවයි.

ඒ අනුව යානාවේ සිටි පුද්ගලයන් 11 දෙනෙකු සාර්ථකව මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ සහ නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සහාය දක්වයි. මේ සඳහා Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

අනතුරට ලක්වූ ඩෝරා යාත්‍රාවක් නිරීක්ෂණය කරමින් සහන සේවා කටයුතු වේගවත් කිරීමට ගුවන් සහ නාවික හමුදා එක්ව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.