
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයන් අතර සිටි ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතකු මහනුවර නිල සුනඛ මූලස්ථානයේ දී පෙරේදා (08) පැටවුන් 07 දෙනකු බිහිකර තිබේ.
මෙම පැටවුන් හත්දෙනාගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.
තවත් එක් ගැහැණු සත්ත්වයකු පැටවුන් බිහිකිරීමට ආසන්න තත්ත්වයේ පසුවන අතර මෙම සියලුම සතුන් මාසයක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකර ඇත.
පැටවුන් හත්දෙනා සහ මව පශු වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේ පසුවන බවත්, නිරෝධායන කාල සීමාව නිමාවන තුරු එම සත්ත්වයන් ආසන්නට යෑමට අවසර ලබානොදෙන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර පවසා ඇත.
නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සුනඛයින් 35 දෙනා මාස 08-12 වයසේ පසුවන අතර මාසයක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසු ඔවුන් පුපුරන ද්‍රව්‍ය පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ හා මත්ද්‍රව්‍ය වැටළීම් සම්බන්ධ පුහුණුවකට යොමුකර රාජකාරි කටයුතු වල යෙදවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart