July 27, 2026

ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගමය) අලුතින් බස් රථ 600 ක් එකතු කිරීමට රජය සැලසුම් කර ඇති බවට පළවන වාර්තා දැඩි ලෙස විවේචනය කරන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, එම පියවර පෞද්ගලික බස් කර්මාන්තයට තවදුරටත් පහර දෙන ‘ජාතික අපරාධයක්’ බවට චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, ලංගමයට බස් රථ 6,000 ක් අලුතින් ගෙන ආවද පෞද්ගලික බස් හිමියන්ගේ කිසිදු අකමැත්තක් නොමැති නමුත්, හුදෙක් බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණක් රාජ්‍ය ප්‍රවාහන සේවයේ පවතින මූල්‍ය හා මෙහෙයුම් ගැටලුවලට විසඳුම් ලැබේද යන්න ප්‍රශ්නගත බවයි.

“ඔවුන් බස් 600 ක් ගෙනාවත්, බස් 6,000 ක් ගෙනාවත් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පාන්ද? නිකන්ම බස් රථ ප්‍රමාණය වැඩි කිරීමෙන් පමණක් ලංගමය කිසිදා ගොඩගන්න බැහැ” යනුවෙන් ගැමුණු විජේරත්න පැවසීය.

පොදු ප්‍රවාහන සේවයේ විශාල පිරිසකට තවමත් සේවය සපයන්නේ පෞද්ගලික බස් රථ බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ලංගම බස් රථ ප්‍රමාණය වැඩි කිරීමෙන් පෞද්ගලික බස් ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයකට ලක්වන බවට අනතුරු ඇඟවීය.

ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ මූල්‍ය අර්බුදය පිළිබඳව කරුණු දක්වමින් ඔහු මෙසේද පැවසීය: