August 13, 2024

කටාන දෙමංහන්දිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවෙසට කඩාවැදුණු නාදුනන තිදෙනකු වෛද්‍යවරයාගේ අතකට කඩුවකින් කපා තුවාල කර, නිවෙසේ අල්මාරියක බහා තිබූ රුපියල් දෙලක්ෂ තිස්පන්දහසක මුදලක් සමග රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.

තුවාල ලැබූ වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ද ඔහු රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන්නකු බව ද පොලිසිය සඳහන් කරයි.

මුදල්වලට අමතරව පවුම් 29ක් බර අත් පළඳනා හතරක්, රන්තාලි තුනක්, රන්මාල පහක්, රන් වළලු දෙකක්, රන් මුදු දෙකක්, රන් පෙන්ඩන්ට් එකක් සහ කරාඹු ජෝඩුවක් කොල්ලකා ඇති බවට වෛද්‍යවරයාගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.