
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මවුවරුන් පරීක්ෂා කර බැලීමේ නිරතව සිටියේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (3) ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මස හත්වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලදැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ රාමචන්ද්‍ර අර්ජුන නමැති වෛද්‍යවරයෙකි.
මන්නාරම දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ කරමින් සිටි අතරවාරයේ මෙම වෛද්‍යවරයා නීතිඥවරයකු සමග පැමිණ පෙරේදා (3) මන්නාරම මූලස්ථාන පොලිසියට භාරවී ඇත.
මෙම වෛද්‍යවරයා චාවකච්චේරිය රෝහලේ සේවය කරන වකවානුවේ විනය විරෝධී සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලින් මීට මාස කිහිපයකට ඉහතදී පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ස්ථාන මාරු කර සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart