September 3, 2025

පැල්මඩුල්ලේදී පෞද්ගලික බස් රථයකින් වැටී දින 14ක් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ 32 හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් තිබේ.

මියගිය කාන්තාව රත්නපුර පදිංචි වෛද්‍ය පී. මදාරා මදුෂානි ලෙස හඳුනාගෙන ඇත.

අගෝස්තු 19 වැනිදා රාජකාරි නිමවා මඩකලපුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථයකින් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා විය.

පැල්මඩුල්ල පොලිස් ස්ථානය අසලදී ත්‍රිරෝද රථයක් අනපේක්ෂිත ලෙස මාර්ගය හරහා ගමන් කිරීමෙන් පසු බස් රථයේ තිරිංග තද කළ බව වාර්තා වන අතර, එමඟින් වෛද්‍යවරිය බස් රථයෙන් ඇද වැටී තිබිණි.

ඇය බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබු අතර, සඳුදා ඇය මිය ගියාය.